රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2017-07-04

දියාලකන්ද ඔස්සේ ඇඳගල සොයා....... මීරිගම Mountaineering Andagala Mirigama Sri Lanka

ඇඳගල අප්‍රකට තැනකි. ඒ ගැන දන්නෝ සිටිත් නම් ඒ මීරිගම අවට පිරිස් ය. අද ඇඳගල ආරණ්‍ය සෙනසුනකි. එකල වලගම්බා රජ දවස රජුන් සැඟව සිටියා යැයි පැවසෙන ස්ථානයකි.
මීරිගම නගරයේ සිට පස්යාල පාරේ කිලෝමීටර් දෙකක් පමණ දුරකින් පර්වතය මැදට වන්නට මේ සෙනසුන පිහිටා ඇත. එකී පර්වතය දියාලකන්ද නමින් හැඳින්වෙයි. දියාල කන්ද එක් පෙදෙසකින් පොහොන්නරුව ග්‍රාමයට මායිම්වන අතර අනිත් බැවුම ඉඹූල්ගස්දෙණිය නම් ස්ථානයට මායිම් වේ. ඉඹුල්ගස්දෙණියේ අනෙක්පස තවත් මහ වනාන්තරයකි. එය පල්මඩ කන්ද ලෙස හැදින්වේ. අපි ඇඳගල සොයා යන්නට තෝරාගත්තේ පල්මඩ කන්ද හරහා කඳුතරණයක යෙදෙමිණි. 
 
ඇඳගල කන්ද ඇතින් දිස්වෙයි
නාපවත්ත පල්මඩ පාරේ කිලෝමිටර් එක හමාරක් පමණ පැමිණෙනවිට පල්මඩ මහ කන්ද හමුවේ. මේ මහකන්දේ මැදින් මහ වනයට ඇතුළුවීම අපේ අරමුණ විය. පල්මඩ ඇල්ල ගලා හැලෙන්නේ ද මේ මහ කන්ද මැදිණි. වැසි සහිත සමය බැවින් ඇල්ලේ වතුර යහමින් තිබිණි. ගමනට පෙරම අපි ඇල්ලෙන් ගත දොවා සිසිලස අත් වින්දෙමු. ඉනික්බිති අපි මහ කැළයට අවතීර්ණ වූයෙමු. එතැන් පටන් ඇත්තේ මංමාවත් අඩිපාරවල් නොමැති කැළය මැද ගමනකි. ඇඳගල පිහිටි ඉසව්ව ගැන අපේ ගමන් සගයා වූ හේමන්තට හොඳ ඉවක් තිබිණි. එසේ නැතත් ගුගල් මැප් ආධාරයෙන් ජංගමයාගේ පුංචි සළකුණක්ද කල් වේලා ඇතිව යොදාගන තිබිණි. ගමන පටන් ගත් තැන සිටම ඇත්තේ සිඝ්‍ර නැග්මකි. අඩ හෝරාවකට වැඩි කාලයක් මේ නැග්මේ නිරත වන්නට අපට සිදුවිය. 
අනතුරුව පොඩි තැනිතලා බිම් කඩක ගමනකින් පසු යළි පල්ලම් බැසීමක් විය. මේ ගමන පුරාවටම අප යා යුතු වන්නේ මහා කැළය මැදින්ම වීම සුවිශේෂය. විටක ත්‍රාසය මුසු බියක් හිතට දැනේ. විටෙක ගුප්ත බව මැනවින් පසක් වෙයි.
ඒ සියල්ල මැද වනපෙතක මිහිරියාව සිසිලස විඳගනිමින් අපි ඉදිරියට ඇදුණෙමු.




හෝරාවක එක හමාරක පමණ කාලයකින් අපට ඉඹුල්ගස් දෙණිය නම් ස්ථානයට ළගාවන්නට හැකි විය. එතැන මිනිස් ක්‍රියාකාරකම් ඇති තැනකි. වන පෙත හරහා එන උල්පත්  ජලය මගින් වගා කටයුතු කෙරෙන බිම් කඩකි. එසේම දිය නාන්නට තැනූ පීලි දෙකක්ද මේ ස්ථානයේ වෙයි. එය පසු කොට අපි යළිත් කන්ද නගින්නට දියාලකන්ද දෙසට හැරුණෙමු. එතැන ඇත්තේද සීඝ්‍ර නැග්මකි. මේ වනාන්තරයේ පොඩි වෙනසක් වෙයි යටි වගාවක් නොමැති තරම්මය. මහා වියන යටින් හාත්පස මැනවින් පෙණෙයි.  මේ කඳුවැටියේ ද මුදුනට පැමිණ යළිත් අදාළ දිසාවට පොඩි පල්ලමක් බැසීමේ දි අපට ඇඳගල සෙනසුන හමු විය. 
අප යන විට මේ සෙනසුනේ පහනක් පත්තුවෙමින් තිබුණද කිසිවකු එහි නොසිටියහ. තැන තැන කුටි ඉදිව තිබිණි. හාත්පස විහිදුණු ශෛලමය උද්‍යානයයි. නෙක රටා මවන ගල්කුළු හැම දිසාවකම විය. පරිසරය ශාන්තය. සුන්දරය. හිතට සැනසුමක් ගෙනදෙයි. ගමනේ විඩාව කොහේ ගියාදැයි සිතාගන්නටවත් නොහැකි තරම් ය. අපි මේ ගුප්ත පරිසරයේ තනිව මිහිරියාව වින්දෙමූ. ඉතින් දවසක ආයිමත් යමු මේ පින් බිමට. නිහඩතාව ඉතා වැදගත්. එසේම පරිසරයට  හානිවන කිසිවක් නොකරන්නේ නම් එයයි මේ බිමට අපට කර හැකි එකම කෘත ගුන සැළකුම.






කොළඹ හා අවට සිටින ඔබට එක් දින චාරිකාවකින් කඳු නැගීම ඇවිදීම නිස්කලංකව ගත කිරීම ස්වභාවික දිය දහරක පහස වීඳිම වැනි දේ විඳින්න කැමතිනම් නියම ස්ථානයකි මෙය. මතක තබා ගන්න මෙය ආගමික ස්ථානයකි. එනිසා එහි ගරුත්වය සුරැකිය යුතුමය. ආපසු එන ගමනේදී විවේක ගන්නට විනෝද වන්නට තැන් බොහොමයක් වන පෙත තුළ ඇත.

19 comments:

  1. Replies
    1. ඔය ඉසව්වේ නැතිද මේ වගේ තැන් පොඩි වාර්තා වැඩසටහනක් කරන්න තරම්.

      Delete
  2. අහා... අපූරුයි...

    ReplyDelete
  3. නියම පරිසරයක්.පල්මඩ ඇල්ලේත් ෆොටෝස් ටිකක් දැම්මා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. වීඩියෝවේ ඇල්ල තියනෝ

      Delete
  4. වළගම්බා රජු සැඟව සිටි තවත් බොහෝ ස්ථාන ලංකාවේ තිබිය හැකි බව මගේ විශ්වාසයයි. එතුන්මාට මුහුණ දීමට සිදුවූ පංච ද්‍රවිඩ ආක්‍රමණය නිසා වසර 14 කට නොවඩු කාලයක් වනයේ දිවිගෙවා ඇත.

    ReplyDelete
    Replies
    1. එකඟයි, අළුතපොල - මිනුවන්ගොඩ , දිවාගුහාව - කුරුවිට , කියන තැන්වලත් වළගම්බා රජුන් සැඟවුණු තැන් ලෙස සධහන් වෙනවා.. තවත් තිබිය හැක

      Delete
    2. විචාරක අයියා නොවැරදීම ගොඩවැදුණු තැනක් මේ සමකය වටේ අඩවිය. අයියා වෙනුවෙන් මේ ඔබ කරන මෙහෙවර ඉතා අගේ කොට සලකනවා පළමුව.
      වලගම්බා රජු ලංකාවේ සැම පෙදෙසකම වගේ සැගව සිටිමින් සේනා සංවිධානය කරලා තියනවා. ඉන් බොහොමයක් තැන් ගම්පහ දිස්ත්‍රික්කයේත් තියනවා.

      Delete
    3. ලිඛිත අයිතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධක නොතිබුනත් ලංකාවේ අතිමහත් ලෙන් විහාර සංඛ්‍යාවක හාමුදුරුවරු කියන්නෙ වලගම්බා හිටියා කියල තමයි.ඒක පංසලට පුරාණ වැලියු ඇඩිෂන් ක්‍රමයක් ලෙස දැන් සෑහෙන කාලයක සිට ක්‍රියාත්මක වුනා.

      Delete
  5. නැරඹිය යුතු ස්ථානයක් ලෙස හැඟෙනවා. ස්තුතී සටහනට..

    ReplyDelete
    Replies
    1. ගියාට පාඩුවක් නෑ ඒ තරම්ම සුන්දරයි වන පෙත

      Delete
  6. අහලවත් තිබ්බ නැති තැනක්.ස්තූතියි සටහනට.

    ReplyDelete
    Replies
    1. සැගව තිබෙන නොයිඳුල් තැන් මේවා තාම

      Delete
  7. ඔහොම කඳු නැගලා නැගලම දවසක නලින් අයියත් කන්දක් වෙනවා.....

    ReplyDelete
    Replies
    1. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන..

      Delete
  8. බොහොම වටිනා චාරිකාවක කදිම විස්තර ටිකක්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්